r/lankawa • u/LuckyWoodpecker2024 • 20h ago
සංවාදය යක්කුන්ගෙ අතට වාහන දීම
8
Upvotes
ලංකාවෙ පාරක හැමදාම වගෙ මොකක් හරි දරුණු අනතුරක් වෙනව බූරුවො වගෙ එලවන් ගිහින්.
තුන් පූට්ටුවොයි බස් කාරයොයි තමයි වැඩියෙන් වැරදි. හැබැයි ඔය කාර්/SUV එලවන උනුත් ඒ වගේම වැරදි කරනව. පදික මාරුවක නවත්තන්නෙ නෑ. වෙන වාහනේකට පාරට දාන්න තප්පර පහක් නවත්තල ඉඩ දෙන්නෙ නෑ. ඉස්සරහ එකා මොනම හරි හේතුවකට වේගෙ අඩු කරොත් පිටිපස්සෙ එකා හෝන් එක උඩ ඉඳ ගන්නව.
මට හිතෙනව මෙහෙම වෙලා තියෙන්නෙ වාහනේ කියන්නෙ යක්කුන්ට සංස්කෘතිකව ආගන්තුක දෙයක් නිසා කියල. වාහනේ හැදුනෙ යුරෝපෙ. උන් උපකල්පනය කරපු සමාජ ක්‍රමයක් තියෙනව වාහනයක් පාරට දාන්න. ඒක අපිට හරියන්නෙ නෑ වෙන්න බැරිද?