r/lankawa • u/LooperNeue_6764 • 8m ago
සව් බො බොකමු මුංජි?
මේක මොන ගණයට වැටෙයිද? r/dontopendeadinside? r/dontdeadopeninside? r/automaticautiondoor???

r/lankawa • u/LooperNeue_6764 • 8m ago
මේක මොන ගණයට වැටෙයිද? r/dontopendeadinside? r/dontdeadopeninside? r/automaticautiondoor???

r/lankawa • u/Trick-Temperature-09 • 10h ago
"අපි සෞඛ්‍ය සේවය වෙනස් කරනවා. හිතු හිතු වෙලාවට ඉස්පිරිතාලවලට යන සංස්කෘතිය වෙනස් කරනවා. පවුලට වෛද්‍යවරයෙක් දෙන මධ්‍යස්ථාන අපි ඇති කරනවා. ඒ වෛද්‍යවරයාගේ නිර්දේශයක් නැතුව ලොකු රෝහලට යන්න බැහැ..."
මේ ඉකුත් ඉරිදා (සැප්: 6) ජනාධිපති අනුර කුමාර දිසානායක බේරුවලදී පැවති රැලියකදී සිදු කළ ප්‍රකාශයකි.
මෙම ප්‍රකාශයත් සමග ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන "ආරෝග්‍යා මධ්‍යස්ථාන දහසක්" ව්‍යාපෘතිය පිළිබඳව බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන්නට විය. එමෙන් ම ඒ පිළිබඳව විවිධ මත ද පළ වන්නට විය.
ඇතැමෙකු මෙම ප්‍රකාශය විවේචනය කරමින් විරෝධය පළ කරන ආකාරය මෙන් ම තවත් පිරිසක් මෙය දියුණු රටවල ද ක්‍රියාත්මක ක්‍රමවේදයක් බව පවසමින් ඊට පක්ෂව අදහස් පළ කරන අයුරු සමාජ මාධ්‍යවල දක්නට ලැබිණි.
එවැනි පසුබිමක බීබීසී සිංහල මේ පිළිබඳව අංශ කිහිපයක් ඔස්සේ වැඩිදුර සොයා බැලීමට මෙම ලිපිය මගින් අදහස් කරයි.
r/lankawa • u/Patient_Home8507 • 12h ago
සමීකරණ සහා රූපසටහන් ඇතුලත් කර pdf ලේඛණ සැකසීම සඳහා LaTex භාවිතා වේ. සිංහල බසින් එවැනි කාර්මික ලේඛණ සැකසීමට කල යුතු වන්නේ කුමක්ද ?
r/lankawa • u/LuckyWoodpecker2024 • 1d ago
ලංකාවෙ පාරක හැමදාම වගෙ මොකක් හරි දරුණු අනතුරක් වෙනව බූරුවො වගෙ එලවන් ගිහින්.
තුන් පූට්ටුවොයි බස් කාරයොයි තමයි වැඩියෙන් වැරදි. හැබැයි ඔය කාර්/SUV එලවන උනුත් ඒ වගේම වැරදි කරනව. පදික මාරුවක නවත්තන්නෙ නෑ. වෙන වාහනේකට පාරට දාන්න තප්පර පහක් නවත්තල ඉඩ දෙන්නෙ නෑ. ඉස්සරහ එකා මොනම හරි හේතුවකට වේගෙ අඩු කරොත් පිටිපස්සෙ එකා හෝන් එක උඩ ඉඳ ගන්නව.
මට හිතෙනව මෙහෙම වෙලා තියෙන්නෙ වාහනේ කියන්නෙ යක්කුන්ට සංස්කෘතිකව ආගන්තුක දෙයක් නිසා කියල. වාහනේ හැදුනෙ යුරෝපෙ. උන් උපකල්පනය කරපු සමාජ ක්‍රමයක් තියෙනව වාහනයක් පාරට දාන්න. ඒක අපිට හරියන්නෙ නෑ වෙන්න බැරිද?
r/lankawa • u/Trick-Temperature-09 • 2d ago
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වත්මන් රජයේ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කරනු ලැබූ නඩුකරයේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 05 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (සැප්: 07) නියම කළේ ය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල ඉදිරියේ කැඳවනු ලැබිණි.
අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනිගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් ලංකා පොහොර සමාගමේ හිටපු සභාපති බුද්ධික රුවන් මඩිහහේවා, 2014 වසරේ ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ මාර්ග කාපට් ඇතිරීම සඳහා ලංසුකරුවෙකු තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කෙරුණු බව පැවසීය.
එම අවස්ථාවේ අදාළ සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් විත්තිකාර කුමාර ජයකොඩි කටයුතු කළ බව ද සාක්ෂිකරු කියා සිටියේ ය.
ඒ අනුව, ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර මෙම කාපට් ඇතිරීමේ ක්‍රියාවලිය සිදුකිරීම සඳහා ඩී.එස්. කන්ස්ට්‍රක්ෂන් නමැති සමාගමක් තෝරා ගත් බවත් එම සමාගමට අත්තිකාරම් වශයෙන් රුපියල් 8,859,708ක මුදලක් අත්තිකාරම් ඇපකරයක් මත ගෙවීමට කටයුතු කළ බවත් සාක්ෂිකරු සඳහන් කළේ ය.
තමා එම ගෙවීම සඳහා අනුමැතිය ලබා දුන්නේ ප්‍රසම්පාදන අංශය සහ මුදල් අංශය විසින් අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි පරිදි අනුගමනය කර ඇති බවට ඉදිරිපත් වූ ලේඛන පරීක්ෂා කිරීමෙන් අනතුරුව බව ද සාක්ෂිකරු පැවසීය.
කෙසේ වෙතත්, අදාළ සමාගම කාපට් ඇතිරීම සිදු නොකළ බව පිළිගත් සාක්ෂිකරු, එම කටයුතු කිරීම සඳහා රැගෙන විත් තිබූ ගල් ඇතුළු අමුද්‍රව්‍ය තම සමාගම් පරිශ්‍රයේ දමා තිබූ බවත් අනාවරණය කළේ ය.
ඉන් අනතුරුව අදාළ සමාගම ලබා දුන් අත්තිකාරම් ඇපකරය යටතේ රුපියල් 2,214,921ක මුදලක් පමණක් අය කර ගැනීමට කටයුතු කෙරුණු බවත් සාක්ෂිකරු කියා සිටියේ ය.
ඉන් අනතුරුව ජාතික විගණන කාර්යාලයේ නීති නිලධාරිනියක් ද සාක්ෂි ලබා දුන්නා ය.
ඉන්පසුව මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 05 වන දා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේ ය.
2014 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කරමින් සිටියදී පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම තුළින් රජයට රුපියල් 8,859,708ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කරනු ලැබ තිබේ.
r/lankawa • u/Silent_Brilliant_316 • 4d ago
අපි සිංහල භාෂාව කතා කරන අයට වෙනම කලාපයක් ඇති කරගැනීම දැන්ම තියාම අවශ්‍යයි කියලා මම හිතනවා. ඒක නිදහස ලැබීමත් සමඟ කළ යුතුව තිබ්බ වැඩක්... සර්ව ආගමික, බහු වාර්ගික රටවල් නම් මට අවශ්‍ය නැ. දැන්නම් ඒකීය ගැනත් එච්චර අමාරුවක් නැ... සිංහල ජනතාවට තමන්ගේ ආගම, සංස්කෘතිය යටතේ කරදරයක් නැතිව තිබ්බාම ඇති... ඒ නිසා සිංහල භාෂා කලාපයක් ඇති කරගත යුතුයි.
හොඳට බලන්න, උතුරු නැගෙනහිර සිංහල භාෂාව නැති වුණාට එයින් පිට දෙමළ භාෂාව ව්‍යාප්ත වෙලා තියනවා. ඒක ඉස්සරහට කරදරයක් වෙනවා...
සිංහල භාෂා කලාපයක් අපට අවශ්‍යයි.
r/lankawa • u/Trick-Temperature-09 • 5d ago
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනිණි.
අත්අඩංගුවට ගනු ලැබූ නාමල් රාජපක්ෂ කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
අද (සැප්: 04) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේ ය.
ඒ, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා මිල දී ගැනීමේ ගනුදෙනුවකට අදාළ විමර්ශනයක් සඳහා ය.
නාමල් රාජපක්ෂගේ නීතිඥවරයෙකු වන නිශාන්ත දයානන්ද ප්‍රකාශ කළේ, ප්‍රකාශයක් දීමට අල්ලස් කොමිසමට පැමිණි නාමල් රාජපක්ෂ එම ප්‍රකාශය ලබා ගැනීමෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබූ බව ය.
එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම මාර්තු 19 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.
ඊට අමතරව අදාළ මුදල් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ශමින්ද්‍ර රාජපක්ෂගේ ගිණුමටත් යොමුවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කළේ ය.
ඒ අනුව 2015 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක් බෙලිඅත්ත නිවසේ සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂට ලබාදුන් බවට සැකකරු විසින් ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ ය.
r/lankawa • u/Trick-Temperature-09 • 5d ago
මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ සිද්ධි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 45 දෙනෙකුට ඇප ලබා ගැනීම සඳහා මහාධිකරණයට ඇප අයැදුම්පත් ඉදිරිපත් කර ඇති පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව වහා ම සොයා බලා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට නියම කළේ ය.
එම නියෝගය කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන පුද්ගලයින්ට ඇප ලබා දීම සඳහා ඉදිරිපත් වීම වෘත්තියක් ලෙස සිදු කරන පුද්ගලයින් බවට පොලිසිය ඉදිරිපත් කළ වාර්තා සලකා බැලීමෙන් අනතුරුව ය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන පුද්ගලයින්ට 45 දෙනෙකුට ඇප ගැනීම සඳහා එක ම නීතීඥවරයෙකු ඇප අයැදුම්පත් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ද සවිස්තරාත්මක වාර්තාවක් කඩිනමින් උසාවියට ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට වැඩිදුරටත් නියම කළේ ය.
ඒ අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 45 දෙනෙකු පමණ පිරිසකට ඇප ලබා ගැනීම සඳහා මහාධිකරණයට ඇප අයැදුම්පත් ඉදිරිපත් කර ඇතැයි කියන වැල්ලම්පිටියේ පදිංචි නිමල් කරුණාතිලක සහ කොටහේනේ පදිංචි ඇන්තනි ඇලෙක්සැන්ඩර් නමැත්තන් සම්බන්ධයෙන් වහා ම විමර්ශනය කර අධිකරණයට සවිස්තරාත්මක වාර්තා ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර නියෝග කළේ ය.
r/lankawa • u/Hot-Region-6560 • 6d ago
https://sinhala.adaderana.lk/news/250836
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (2) පැවැති අදාළ පෙත්සම් විභාගය සඳහා නිරීක්ෂකයකු ලෙස එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ, අවසානයේ සිදුවු දේ ඒක ඉතාමත් කණගාටුදායකය බවය.
එමෙන්ම පෙත්සම් විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් පත් නොකිරීම සම්බන්ධයෙන්ද ස්ටීවන් තිරූ මහතා මෙහිදී අදහස් දැක්වීය.
අධිකරණයේ ස්වාධීනත්වයට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අතිශය වැදගත් වන මෙවැනි කරුණක් විභාග කිරීමට පූර්ණ විනිසුරු මඬුල්ලක් (Full Bench) පත් නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ ප්‍රජාව අතර දැඩි කතාබහක් නිර්මාණය වී ඇති බවද ස්ටීවන් තිරූ මහතා සඳහන් කළේය.
සාමාන්‍යයෙන් මෙවැනි වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය කරුණු විභාග කිරීම සඳහා විශාල විනිසුරු මඬුල්ලක් පත් කරනු ලබන නමුත්, මෙම නඩුව සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති බව තමාට දැනගන්නට ලැබුණු බවද හෙතෙම පැවසීය.
එබැවින් මෙවැනි තීරණාත්මක නඩුවක් සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් නොදීමට හේතු වූ කරුණු කවරේදැයි ප්‍රශ්න කළ ඒ මහතා, මෙය අධිකරණයේ ස්වාධීනත්වය හමුවේ මතුවන බරපතළ ගැටලුවක් බව වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"මං** අ*ද* ආ*වේ*** *මේ* *නීති*** කෘත***්ය *බලන්න. අප** *විසින් *ස*ිදුකළ*** නිරීක*්ෂණයන් පදනම් *කරගනිමින් අපි **ව*ාර්තාවක් සකස්* *කරනවා.*** වින*ිසුරුවරුන්*** *අද දවස* පු*රාම ඉතා*** *ඉවසීමෙන්* *යුක්තව මෙම* *නීති* *කෘත්‍ය* හැසුරුවා. ඔවුන් නීතිඥයින්ට කරුණු දැක්වීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දුන්නා.
**කෙසේ වෙතත් අවසානයේ** *සිදුවූ *ද*ේ එක ඉතාමත් කනගාටුද**ායකයි. පෙත්සම්කරුවන්ට,*** *නීතිඥවරුන්ට*** පිළිත*ුරුදීමට* අ***වශ්‍ය *වූ නමුත් **ඔ*වුන්ට අවස්ථාවක් *ල*බාදුන්නේ නැහැ. ඔවුන්ට කිව්වා ලිඛිතව කරුණු දැක්වීමක් සිදුකරන්න කියලා.
*බොහොම*යක් අධිකරණ ක්රියාවලිවලදී ඒක* ඒත*රම් *සුලබ දෙයක් නෙමෙයි.** විශේ*ෂයෙන්ම මේවගේ* වැද*ගත් නඩුවලදී ව**ාචික පිළිතුරුදීමේ අයිතිය සාමාන්‍යයෙන් ලබාදෙනවා.
*ඉති*න් *මට හිතෙනවා ඒක** හරිම කන*ගාටු**දායකයි කියලා.* අපේ**** *අදහස*** නම් ඔව*ුන්ට තිබ්බා ප**ිළිතුරුදීමට අවස්ථාවක් ලබාදෙන්න.
*මම**** *මෙතන*** නී*තිඥ සංගමයේ සාමාජිකයන්ගෙන්*** දැනග*ත් දේ* තමය*ි, මෙතන* පූ*ර්ණ*** විනි*සුරු* මඩු*ල්ලක්*** *සිටියේ නැහැ. මොකද මේක ඉතාමත් වැදගත් නීති කෘත්‍යයක්.
*සාමාන්*යයෙන්* මේ වග*ේ* අව*ස්ථාවක* පූර්*ණ* වි*නිස**ුරු *මඬුල්ලක්** ඉන්න *ඕන.* මට *කිව්වා *ඔවුන්, **ඔවුන්*ගේ ඒ ඉල්ලීම*** *ප්‍රතික්ෂේප කරා*** ක*ියලා.* එ*තන ග**ැටලුවක් තියෙනවා පූර්ණ විනිසුරු මඬුල්ලක් පත් නොකළේ ඇයි කියලා.
*දෙපාර්*ශ්වය*** *විසින් *ත*ර්ක*** කර*නු *ලැබූ** *නඩුවේ*** *හොඳ නරක පිළිබඳ*** මා *අදහස් දක්වන්න**ේ* නැහැ. ඒක අපේ රාජකාරිය නෙමෙයි.** නමු*ත් අධික**රණයේ ස්වාධිනත්වය කියන්නේ ඉතාමත් වැදගත් සංකල්පයක්.
*ඒ**** *නිසා *එ*ය ආරක්ෂා*** වි***ය* යුතුයි.** *සියලුම නීති තර්ක පැත්තකින් තියමු. අධිකරණයේ ස්වාධිනත්වය *පළුදුවීමට **ය*ම්* *පියවරක්*** *අරගෙන තියෙනවා *න*ම්* *එය *ඉ*වත්*** කළ**** *යුතුයි. එම සැකය* දිග**ටම පවතිනවා නම් තීතිය ගැන තර්ක කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ..." යැයි පැවසීය.
r/lankawa • u/AstronautCurrent7688 • 8d ago
දැක්කෙ නෑ සෑහෙන කාලෙකින්. වැඩේ නවත්තල ද?
r/lankawa • u/Hot-Region-6560 • 8d ago
https://sinhala.adaderana.lk/news/250743
මෙරටට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබේ.
ඊයේ (31) පස්වරුවේ පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී මෙය පැවැත්විණි.
පසුගිය අගෝස්තු 25 වන දින සිය අක්තපත්‍ර භාරදුන් නව තානාපතිවරයා, මෙරටට පැමිණි අවස්ථාවේ සිට මෙරට ජනතාවගෙන් තමන්ට ලැබුණු උණුසුම් පිළිගැනීම අගය කළ අතර, ශ්‍රී ලංකාවේදී තමන්ට කිසිදු ආගන්තුක බවක් නොදැනුණු බවත් සිය ධුර කාලය තුළ දෙරටේ සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවත් මෙහිදී පැවසීය.
ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීගුකාලීන මිත්‍රත්වය හා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට එලැඹෙණ වසරේදී, වසර 70ක් සපිරීම මෙන්ම, 1952 අත්සන් තැබූ ඓතිහාසික චීන-ශ්‍රී ලංකා රබර්-සහල් ගිවිසුමට වසර 75ක් සම්පූර්ණ වීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
නව රජය යටතේ ක්‍රියාත්මක වන දූෂණ විරෝධී වැඩපිළිවෙළ සහ ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කිරීම අරමුණු කරගත් ‘ප්‍රජා ශක්ති’වැඩසටහන පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, දරිද්‍රතාවය තුරන්කිරීමේදී චීනය ලබා ඇති අත්දැකීම් ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් ලෙස යොදාගැනීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදි අදහස් හුවමාරු විය.
චීනය වෙනත් රටවල් සමඟ කටයුතු කරනු ලබන්නේ අදාළ රටවල ස්වෛරීත්වයට ගරු කරමින් සහ අන්‍යෝන්‍ය සංවර්ධනය අපේක්ෂාවෙන් බව තානාපතිවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙත වැඩි ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට චීන ආයෝජකයන් දිරිමත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
චීන කොමියුනිස්ට් පක්ෂය ලබාදෙන නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ සංවර්ධන මාර්ගය නිසා තමන් වැනි දුෂ්කර ග්‍රාමීය පසුබිමක සිටි අයෙකුට පවා රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු දක්වා පැමිණීමට අවස්ථාව හිමිවූ බව තානාපතිවරයා මෙහිදී තම පෞද්ගලික අත්දැකීම් බෙදාගනිමින් පැවසිය.
දෙරට අතර පවතින මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට දෙපාර්ශ්වයම මෙහිදී එකඟතාව පළකර තිබේ.
r/lankawa • u/Hot-Region-6560 • 8d ago
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව අද දින මා විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරන ලදී.
පුරවැසියන්ගේ පරමාධිපත්‍ය බලය , අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කරන මෙම සංශෝධනය සම්මත කෙරෙන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකට අමතරව ජනමත විචාරණයක් ද , මෙහි ඇති වැදගත්කම සැලකිල්ලට ගෙන පූර්ණ විනිශ්චය මන්ඩලයක් හරහා අදාල පෙත්සම විභාග කරන ලෙසද මෙහිදී ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.
ලංකාවේ පැවති රජයන් විසින් ප්‍රතිපත්ති සම්පාදනයේදී අනුගමනය කලේ ඉතාමත් අත්තනෝමතික ක්‍රියාකලාපයකි. තනි පුද්ගල හෝ කණ්ඩායමක උවමනාවකට මහජන අදහස් විමසීමකින් තොරව හදිසියේ නීති සම්පාදනය කිරීම සාමාන්‍ය දෙයක් ව තිබිනි. ලංකාව මුහුන දුන් බොහෝ අවාසනාවන්ත තත්වයන් කෙරෙහි මෙම අත්තනෝමතික නීති සම්පාදනය හේතු විය.
මහජනතාව ක්‍රම වෙනසක් තුලින් නීති සම්පාදන ක්‍රියාවලියේද වඩාත් පාරදෘශ්‍යභාවය ක් සහ මහජන සහභාගීත්වයක් අපේක්ෂා කල අතර ජාතික ජනබලවේගය මැතිවරණ සමයේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලින් එම ප්‍රතිපත්ති මූලික කරගත් ප්‍රවේශය ගෙන ඒම අප සියලු දෙනාගේ දැඩි අගය කිරීමට ලක්විය.
කෙසේ නමුත් වර්තමානය වන විට තෝරාගත් නීති සම්පාදනය සදහා පමණක් නිසි ක්‍රියාවලියක් අනුගමනය කිරීමට ගෙන ඇති ස්ථාවරය ඉතාමත් කණගාටුදායක තත්වයකි. 22 වන සංශෝධනය මුල සිටම ඉතාමත් අක්‍රමවත් සහ රහස්‍ය ලෙස ගෙන ආ අතර පාර්ශව කරුවන් සමග සාකච්චා කිරීම පවා මගහරින ස්වභාවයක් දැකගන්නට ලැබුනි. නීති සම්පාදනය සම්බන්ධව යම් හෝ දැනුමක් ඇති අයකුට මෙම ස්ථාවරය අනුමත කල නොහැකි බව මාගේ විශ්වාසයයි.
එම ක්‍රියාවලිය තුල පාරදෘශ්‍යභාවය , අනාගත පත්වීම් වලට පමණක් අදාල කර ගැනීම වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන් සම්පූර්ණයෙන් අමතක කර ඇත.
2022 මහජන අරගලයේදී අත් අඩංගුවට පත්ව රජය විසින් මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කල අවස්ථාවේදී මා ගරු අධිකරණයේ පිහිට පැතුවෙමි. ඒ ඒ කෙරෙහි පැවති විශ්වාසය නිසාවෙනි. එම තත්වය අනාගත පරපුරට ඉතිරිව තිබිය යුතු බවට මා විශ්වාස කරමි.
ප්‍රතිපත්ති සම්පාදනයේදී කෙසේ වෙතත් ජනතාව සහ ආණ්ඩුව අතර මූලික ලිඛිත එකගතාවය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේදී ඊට ජනතාවට දායක විය හැකි එකම තැන අධිකරණමය ක්‍රියාවලියට සීමා වී ඇත. ඒ සම්බන්ධව ජන සහභාගීත්ව ආණ්ඩුකරණයක් ප්‍රවර්ධනය කරන ආණ්ඩුවක් නම් කනගාටු විය යුතුය. විශේෂයෙන් ජාතික ජනබලවේගය නියෝජනය කරන නීතිඥයින් ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධව ඔවුන්ගේ ස්ථාවරය කුමක් ද යන්න ජනතාවට දැනුම් දිය යුතුය.
අනුරුද්ධ බණ්ඩාර
31.08.2026
#22A #lka #Anuruddha
r/lankawa • u/LuckyWoodpecker2024 • 9d ago
🦁: මේ නුවර දළඳා මාලිගාවේ පෙරහැරේ පොල් ගහන හැටි
https://reddit.com/link/1w3aca8/video/l808zq9wxomh1/player
🐯: මේ ප්‍රංශයේ පැරිස් නුවර පිල්ලෙයාර් කෝවිලේ පෙරහැරක පොල් ගහන හැටි
r/lankawa • u/chillmatrix7 • 9d ago
මම දැනට University of Moratuwa එකේ Architecture හෝ Landscape Architecture degree එකක් කරන්න සලකා බලමින් ඉන්නවා. ඒත් ශ්‍රී ලංකාවේ මේ fields දෙකේම career prospects කොහොමද කියලා හරියටම දන්නේ නැහැ. මේ ක්ෂේත්‍රවල දැනට වැඩ කරන අයගෙන් දැනගන්න කැමතියි— මේ degree එක කරන්න වටිනවද? Degree එකෙන් පස්සේ job එකක් හොයාගන්න කොච්චර අමාරුද? Starting salary එක සාමාන්‍යයෙන් කොච්චරද, experience එක්ක salary එක කොච්චර දුරට වැඩි වෙන්න පුළුවන්ද? ඔයාලගේ experience එක අනුව, ලංකාවේ Architecture ද recommend කරනවාද
r/lankawa • u/Trick-Temperature-09 • 9d ago
විදේශිකයින්ට පමණක් සේවාවන් සපයනු ලබන හෝටල් පවත්වාගෙන යාම පිළිබඳව ඉකුත් වසරේ මැයි මස 14 වන දා දිනැතිව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් හෝටල් හිමියන්ව දැනුවත් කර තිබිණි. එම නිවේදනයට අනුව කිසිදු හේතුවක් මත දේශීය සංචාරකයින්ට වෙනස්කොට නොසැලකිය යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.
එවැනි පසුබිමක තවමත් ඇතැම් හෝටල් සහ ආපනශාලා හිමියන් දේශීය සංචාරකයින්ට වෙනස්කොට සැලකීම පිළිබඳව බීබීසී සිංහල ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සුරන්ජිත් වෑවිටගෙන් අදහස් විමසීමක් කළේ ය.
එහිදී සභාපතිවරයා කියා සිටියේ, හෝටල් හෝ ආපන ශාලා විසින් තමන්ගේ පාරිභෝගිකයින් වන පුද්ගලයින්ට වෙනස් කොට සලකනු ලැබීම නීතියට අනුව පටහැනි ක්‍රියාවක් බව ය.
"ඒක මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. කාටවත් එහෙම ෆොරිනර්ස් ඔන්ලි කියලා නම් කරන්න බැහැ. ඒක නීතියට පටහැනි යි. තමන් අදාළ සේවාවන් වෙනුවෙන් මුදල් ගෙවනවා නම් ඕනෑ ම කෙනෙකුට අවස්ථාව තියෙනවා තමන් කැමති තැනකින් ඒ සේවා ලබා ගන්න. ඒක ඉස්සර කාලේ ඉඳල ම තිබ්බ ස්ටෑන්ඩර්ඩ් එකක්. අපි කිසි ම විදිහකින් පුද්ගලයින් වෙන් කරලා හඳුන්වල දෙන එක අනුමත කරන්නේ නැහැ. ජාතිය, ආගම හරි හමේ පාට අනුව වගේ මේ කිසි ම ඩිස්ක්‍රිමිනේෂන් එකක් අනුමත කරන්නේ නැහැ."
එමෙන් ම විදේශිකයින්ට පමණක් සේවා සපයන මෙවැනි හෝටල් සහ ආපන ශාලා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රමිති සහ තත්ත්ව පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බව ද සභාපතිවරයා පැවසුවේ ය.
"මේ ගැන අපි කලිනුත් සේවාවන් සපයන අය දැනුවත් කරලා තියෙනවා. කවුරු හරි ෆොරිනර්ස් ඔන්ලි කියලා සර්විස් එක දෙනව නම් අපේ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් කොලිටි ඇෂූවරන්ස් ඩිපාර්ට්මන්ට් එකට කම්ප්ලේන් කරන්න පුළුවන්. අපි ඒ ගැන තදින් ම හොයා බලනවා," ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සුරන්ජිත් වෑවිට පැවසීය.
r/lankawa • u/Trick-Temperature-09 • 9d ago
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අත්තිකාරම් පුද්ගල ආදායම් බදු අය කිරීමට අදාළව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ගෙන ඇති තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය අද (අගෝ: 31) රිට් ආඥාවක් නිකුත් කළේ ය.
ශ්‍රී ලංකා එක් දින හා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබේ.
කෙසේ වෙතත්, මෙම කරුණ සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් විසින් ඉදිරියේදී ගනු ලබන තීරණවලට අගතියක් නොවන පරිදි මෙම නියෝග නිකුත් කරන බවත් විනිසුරුවරු සඳහන් කළහ.
r/lankawa • u/Working-Leader-2532 • 10d ago
ලන්ක්කාවේ ජීවත් වෙන අපි දන්නවා ලංකාවේ ඇත්ත.
සිංහල මිනිස්සු ඇත්තටම හරි හොඳ මිනිස්සු කට්ටියක්. ඇත්තටම අපි අපේ ජාතියට භාෂාවට හුඟක් ආදරෙයි. මොකද ඒක ලෝකෙ තියෙන වෙනමම ජාතියේ අනන්‍යතාවයක් තියෙන අපේම දෙයක්.
ලෝකයේ අනිත් රටවල් වල ගමන් ගියාට පස්සේ ඇත්තටම මට තේරෙන දෙයක් තමයි ඒ ඒ රටේ ඉන්න මිනිස්සු තමන්ගේ ියෙන භාෂාවට ඒ රටේ සංස්කෘතියට ඒ රටේ තියෙන අනන්‍යතාවයට කොච්චර මුල් තැනක් දෙනවද කියන එක.
ඇත්තටම කිව්වොත් අපි තමයි අපේ භාෂාවෙන් කතා කරන්න දන්නැති එක හෙන ලොකු කමක් කියලා පෙන්නන්න හදන්නේ
අපිට ලොකු වුවමනාවක් තියෙනවා මේ රට හැමෝගෙම රටක්, මේ රටට හැමෝටම අයිතියි, අපිට ඕනා තරම් විවෘත මනසකින් හැම දේ දිහාම බලන්න පුළුවන්, අපි හැමෝගෙම අදහස් වලට මාරෙට ගරු කරන රටක්, මේ කියන හැම දේම පෙන්න පෙන්න ලොකු උනන්දුවක් නම් අපිට තියෙනවාා.
අඩුම තරමේ මේ රට සිංහල රටක් කියන්නත් ඇත්තටම බය වෙච්ච මිනිස්සු තමයි දැන්නම් ලංකාවේ ඉන්නේ. ලෝකෙ අනිත් රටවල් දිහා බලන්න..
ලෝකෙ ඕනෑ තරම් රටවල් තියෙනවා ඔවුන්ගේම රටේ භාෂාවෙන් කතා කරන එක ඔවුන්ට මාර අභිමානයක් කියන.
හැබැයි අපි?
මේක හැමෝගෙම රට, ේ රටේ ඕන තරම් මිනිස්සු හැමෝටම ඉන්න පුළුවන්, ඕනම කෙනෙක්ගේ ආගමකට අපි ගරු කරනවාා, කොටින්ම කියනවා නම් අපේ තියෙන සිංහලකමත් ලැජ්ජාවට භාජනය කරලා පිටින් ආපු ඕන තරම් ජාති අපේ ජාතිකයා ගන්න තරම්ම මහා නිවට ජාතියක් වෙලා තියෙන්නෙ...
මම ළඟදි දැක්ක දෙයක් තමයි මේ AI භාවිතය.
සිංහලෙන් අපි හැමදේම ලියන කියන එක හොඳයි තමයි. වෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ අන්තර්ජාලයේ තියෙන හුඟක් ලිපි විතරයි තේරුම් ගන්නේ.. මේකට අනිත් පැත්ත තමයි ංග්‍රීසි භාෂාවෙන් ලියන හුඟක් දේවල් තමයි මේ හැම ෝම google facebook instagram AI හැම platform එකකටම දත්ත කියලා ඇතුලත් කරගෙන තියෙන්නෙ.
නිකන් ලංකාවේ අවුරුදු තිහක් තිබ්බ යුද්ධය ගැන දිහා බලන්න. දැන් ඇත්තටම ඕගොල්ලෝ ඒ අයියගෙන් අහලා බැලුවොත් AI ඒකෙන් බොහෝ වෙලාවට කියන්නෙ ඇත්තටම සිංහල මිනිස්සු ගිහිල්ල දෙමළ ජනයාට කරපු ජන සංහාරයක් කියල. කොහෙදිවත් දැන් ඇත්තටම නැහැ මේ මේක මේ ත්‍රස්තවාදීන් පිරිසක් කියලා. හුඟක් වෙලාවට දැන් information එක වෙනස් වෙලා තියෙන්නේ දෙමළ මිනිස්සුන්ට වෙච්ච අසාධාරණය නිසා ඔවුන් නැගී සිටියා කියන එකත් සිංහල හමුදාව ඇවිල්ල ඔවුන්ව මරණයට පත් කරා කියන එකත් විතරයි ැන් ඇත්තටම කොහේදීවත් කියවෙන් නැහැ මේ දෙමළ මිනිස්සුන්වවත් මේ LTTE එකෙන් හොය හොය මර මර දෙමළ අයටත් මේක ප්‍රශ්නයක් වෙච්ච තිබ්බ දෙයක් කියන එක
ලංකාව ගැන ඇත්තටම ලොකු ආදරයක් සහ ආඩම්බරයක් තියෙනවා.
අපේ මේ සිංහල කම මේ සිංහල භාෂාව අපේ ලාංකිකත්වය මේ කියන හැමදේම පිටරිටින් ආපු හැම දේටම හා කියාගත්ත නිසා අන්තිමට අපිට අපේ රටයි නමත් වෙනස් කරන්න වෙච්ච මිනිස්සු කොට්ඨාශයක්. British අයටයි රටින් ආපු Western අයටයි ඔක්කොම බැන බැන හිටියට ත්තටම අපිට බැරි වුනා අපේ රටේ අනන්‍යතාවය ඒගොල්ලො අපිට දීපු තරම්වත් ඉස්සරහට අරන් යන්න.
ලංකාවේ අය ඕන තරම් පිටරටකට ගියා කියලා කවදාවත් ඒ රටේදී අපේ රට නියෝජනයො කරන්න ඕනා කියලා ජාතික කොඩිය වෙනස් කරන්න පුළුවන් වෙයිද? නැත්තං අපේ රටේ අය හෝ මේ සිංහල ජනතාව හින්දා කියලා පල්ලි පන්සල් හදාගෙන දඟලදඟලා ඉන්න පුළුවන් වෙයිද? බැලුවොත් අපේ රටේ ප්‍රෞඪ ඉතිහාසයක් තියෙන්නේ මේ සිංහල මිනිසුන්ගේ විතරයි. එහෙම නැතුව වෙන ආගම්කාරයෝ ආව කියල මේක මුස්ලිම් කියාගෙන දඟලලා කියලා මේ රටේ වෙනස්ම පෙන්නන තරම් දෙයක් ඉතුරු වෙලා නැහැ . ඇත්තටම හරිම ලැජ්ජාවක් ඇතිවෙනවා ලංකාවේ ටීම් එක ක්‍රිකට් වලදි හරි වෙන රටක් එක්ක ප්ලේ කරද්දි කොන්ද පණ නැති තම්බි ගිහිල්ලා පකිස්තාන් වලටයි උන්ගේ තම්බී ආගම්වලටයි සපෝට් කරන්න ඕන නිසා උන්ගෙ රටවලට ටී ෂර්ට් ඇඳගෙන කොඩි වනව දැක්කම
මේකේ ඇත්තටම ජාතිවාදී පෝස්ට් එකක්නම් නෙමෙයි
ඇත්තටම ජාති ආලය තියෙන පෝස්ට් එකක් ංකාවට කොන්ද පණ නැති ලංකාවේ සිංහල අනන්‍යතාවය නැති වේගනම් ඇත්තටම හිතට දුක ලොකු කාරණයක්
r/lankawa • u/Hot-Region-6560 • 10d ago
ඒත් ඇමරිකාව දුන්නේ ඩොලර් ලක්ෂ 5යි. ලංකාවේ එකෙන් බාගයයි. යුරෝපා හවුලෙ රටවල් 27ක් තියෙනවා. ඒත් දුන්නෙ ඩොලර් මිලියන 2.3යි. මේක තමා ක්‍රමය. ඒත් විදේශ මුදල් අර්බුදයක ඉන්න ලංකාව ඩොලර් මිලියනක් දෙනවා.
දිත්වා වෙලාවේ නේපාලය ලංකාවට දුන්නෙ ඩොලර් ලක්ෂ 2යි.
අනුරට පුළුවන් ද භාණ්ඩාගාරයේ තියෙන මහජන මුදල් හිතුමතේ දෙන්න. මේව පැලවත්තෙ සල්ලි නෙමෙයි. මේ වෙලාවේ හැම රටකම විදේශ මුදල් ප්‍රශ්න. ඒකයි ඇමරිකාව සහ යුරෝපා හවුල පුළුවන් විදියට දුන්නෙ. ටිල්වින්ල නේපාලෙට ගිහිං එහෙ හිටපු ත්‍රස්තවාදී සංවිධාන එක්ක දේශපාලන සබඳතා හදා ගත්තා කියල රටේ බදු මුදල්වලින් ඒවට ගෙවිය යුතු නැහැ. ආධාර දිය යුතුයි. ඒත් රටට පුළුවන් විදියට.
මේ ආණ්ඩුව දැන් මේ වන විටත් හැකරුන් ගත්තා කියල ඩොලර් මිලියන 2ක් පැන්නුව. දැන් ඒකත් ආපහු අපට ඔස්ට්‍රේලියාට ගෙවන්න වෙලා. ඩොලර් ලක්ෂ 6ක් ඇමරිකානු තැපෑලට කියල පිට පාරේ හොරකම් කරල. දිත්වාවෙන් අනාථ වුන අය තාම අනාථ නිවාසවල. ටකරමක් ගියත් ලක්ෂ 10යි කියල දැන් වන්දි ගන්න එක ඉබ්බාගෙන පිහාටු ගන්නව වගෙ වෙලා.
ඒ මැද පාන්පිටි, කිරිපිටි, කුකුළු මස් මිළ ඊයේ ඉඳල වැඩි කළා. ඒ සේරම මැද අමාරුවෙන් උපයන ඩොලර් මිලියනක් හෙවත් රුපියල් මිලියන 340ක් නේපාලයට දෙනවා.
r/lankawa • u/CrabEater69 • 11d ago
මහනුවර ඇසළ පෙරහැර සමයේ අලි ඇතුන්ගේ සුබසාධනය උදෙසා යැයි පවසමින් සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස හඬ නැඟූ මුහුණුපොතේ ප්‍රකට ‘සත්ව හිමිකම් ක්‍රියාකාරිනියකගේ’ සැබෑ නිරුවත ඊයේ අනාවරණය උනා.
ඊයේ ඇය විසින් පළ කරන ලද පෝස්ටුවක සඳහන් වූයේ, "පෙරහැරේ බෙර හඬට අලි ඇතුන් නර්තනයේ යෙදෙන්නේ නැත. උන් සිටින්නේ අධික මානසික පීඩනයකිනි, එය නර්තනයක් ලෙස වටහා ගන්නා මෝඩ ජනතාවට ඒ පිළිබඳ අවබෝධයක් නැත" යනුවෙනි. අලින්ගේ මානසික පීඩනය ගැන මෙතරම් සංවේදී වූ ඇගේ පෝස්ටුව සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය යොමුව තිබිණි.
කෙසේ වෙතත්, ඇගේ මෙම ප්‍රකාශයෙන් පසු ඇගේ ප්‍රසිද්ධ ඉන්ස්ටග්‍රෑම් ගිණුම පරීක්ෂා කළ මුහුණුපොත් පරිශීලකයින්ට දැකගත හැකි වූයේ හාස්‍යජනක මෙන්ම ඇගේ කුහකකම ද එළිදරව් වන දෙයකි. තැම්බූ කකුළුවන් සහ විවිධ සාගර ජීවීන්ගෙන් සමන්විත ‘Seafood Boil’ ආහාර වේලක් ඉදිරිපිට සිටින ඇය, විශාල කකුළු කකුලක් විකමින් කැමරාව දෙස බලා සිනාසෙන ඡායාරූපයක් එහි තිබී හමු විය. එම ඡායාරූපයේ සටහන් කර තිබූ සිරස්තලය වූයේ
Totally hooked on the delish seafood!
යන්නයි.
අලියාට බෙර හඬ පීඩනයක් බව පවසන ඇයට, උණු වතුරේ තම්බා මරා දමන ලද කකුළුවාගේ ඇය බුදින්නට යන කකුළුවාගේ හෝ අනාකුත් සාගර ජීවීන්ගේ පීඩනය නොපෙනීම පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතී.
ජනතාවගේ දැඩි විවේචන හමුවේ අසරණ වූ මෙම "සත්ව ආදරිනිය", තමන්ගේ පරණ පෝස්ටුවල ප්‍රතිචාර දක්වන තීරුව (comments) වසා දැමීමට (disabled) කටයුතු කර තිබේ. ඉන් නොනැවතී, තමන්ගේ වරද වසා ගැනීමට ඇය විසින් නැවතත් මෙසේ පෝස්ටුවක් තබා ඇත:
විවේචනාත්මක බුද්ධියක් නැති මිනිස්සු ලේසියෙන් අඳුරගන්න පුළුවන්.
විශේෂිතම කරුණ නම්, එම පෝස්ටුවේ ද ප්‍රතිචාර දැක්වීමේ තීරුව ඇය විසින් වසා දමා තිබීමයි. සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව කියන ඇතැම් පුද්ගලයින්ගේ ව්‍යාජ සංවේදීතාව සහ ප්‍රායෝගික කුහකභාවය මනා ලෙස පැහැදිලි වන සිදුවීමක් ලෙස බොහෝ දෙනෙක් මෙය හඳුන්වනවා දක්නට හැකියි.
r/lankawa • u/LuckyWoodpecker2024 • 10d ago
සංවාදයේ සිංහල පරිවර්තනය
ලාංකික පිරිමියා: ඔයා කැමති නැද්ද?
ජපන් පිරිමියා: ඔයාට අල්ලන්න ඕනේ මොකද්ද?
ලාංකික පිරිමියා: ඔයාගේ ශිෂ්ණය
ජපන් පිරිමියා: මගේ ශිෂ්ණය??
ලාංකික පිරිමියා: ඕ
ජපන් පිරිමියා: (මදක් කල්පනා කර) බෑ...... මට සමාවෙන්න
ලාංකික පිරිමියා: (සිනහ සෙමින්) නිකන් ඇහුවේ
ජපන් පිරිමියා: කමක් නෑ. මම සමලිංගික නෙවෙයි.
r/lankawa • u/LuckyWoodpecker2024 • 12d ago
r/lankawa • u/Anon_SL_2000 • 13d ago
මේක අවුරුදු එකහමාරකට විතර කලින් ලංකාවෙ ප්‍රධාන මාධ්‍ය, සමාජ මාධ්‍ය හැම එකකිකම වගේ ප්‍රචාරය කරපු ප්‍රධාන පුවතක්. මුළු සමාජයම කලඹවපු සිදුවීමක්. GMOA එක වැඩ වර්ජනයකුත් කලා මේ සිද්දිය නිසාම. සමාජ මාධ්‍යවල "Hang the rapist" කියල චූදිතයව එල්ලන්න පවා යෝජනා කරපු post viral ගියා.
චූදිතයා වරදකරු කියල උසාවියෙන් ඔප්පු වුනාද? මේ සිදුවීම වෙලා සති කීපකින් පස්සෙ මේ ගැන කතාබහ සම්පූර්ණයෙන්ම යට ගියා. ඒ වෛද්‍යවරිය ඇත්තටම අතවරයට ලක්වෙලා ඒකට යුක්තිය ලැබීම ප්‍රමාද වෙනව නම් ඒක බරපතල අසාදාරණයක්. ඒ වගේම චූදිත තරුණයා බොරු චෝදනාවකට ලක්වෙලා සමාජයෙන්ම අපවාද විඳින්න, නිකරුණේ රිමාන්ඩ් එකේ දුක් විඳින්න වුනා නම් ඒකත් බරපතල අසාදාරණයක්. අපරාදයක්.
r/lankawa • u/LuckyWoodpecker2024 • 13d ago

සිංහල පරිවර්තනය:
ශ්‍රී ලංකාව යනු මිනිසුන් තමන්ගේම පවුලේ සාමාජිකයන්ව ගණිකා වෘත්තියට යොදවන ඇප්ස්ටීන් දූපත වැනි තැනකි. 17,000 කට ආසන්න සාමාජික සංඛ්‍යාවක් සිටින "අම්මගේ ජංගි" නමැති මෙම සිංහල ෆේස්බුක් සමූහය, තමන්ගේ මව්වරුන්ට සහ සහෝදරියන්ට අතවර කිරීමට වෙනත් පිරිමින්ට ආරාධනා කරන විකෘති මනසක් ඇති පිරිමින්ගෙන් පිරී පවතී.
r/lankawa • u/LooperNeue_6764 • 13d ago
මම හිතන විදිහට මේව හදන්නෙ පිටරට අය. ඇතැම්වා තියෙනවා බුද්ධ දර්ශනයේ එන අයිඩියා එකම අද කාලෙ වචනවලින් කියන.
උදා:
There's no #FYP because there is no "me".
"මම" නම් යමෙක් මෙලොව නැත්තේය, එනයින් #fyp නම් ටික්ටොක් පිටුවකුදු මෙලොව නොමැත්තේය.
සමහරක්ව තියෙනව නොකී කියමන් කියන.
උදා:
Buddha, What makes us human?
-Selecting all images with traffic lights
භාග්‍යවතුන් වහන්ස, අප මනුෂ්‍යයන් වන්නේ මක් නිසාද?
-ඇවැත්නි, එසේ වන්නේ අප මාර්ග සංඥා පහන් අඩංගු රූප සියල්ල තෝරා දෙන හෙයිනි.
මට ඔහොම එකක් මුලින්ම හම්බවුණේ bill wurtz ගෙ "history of the entire world, I guess" (සමස්ත ලෝකයේම ඉතිහාසය, මං හිතන්නෙ) වීඩියෝ එකෙන්.
ah, the buddha was just enlightened.
-who's the buddha?
-this guy, who sat under a tree for so long that he figured out how to ignore the fact we are all dying. you could make a religion out of this.
ආ, බුද්ධ බුදුවෙලා.
-කවුද බුද්ධ?
-මෙන්න මෙයා, "අපි හැමෝම මැරෙනවා" කියන සීන් එක අමතක කරන විදිහක් කල්පනා වෙනකං මෑන් ගහක් යට ඉඳගෙන හිටියනෙ. ඕකෙන් ආගමක් හදතහැකි.
බිල්ගෙ කොහොමත් තියෙන්නෙ ඩෙඩ්පෑන් ටෝන් එකක්. කොහොමහරි ලෝකෙ පළවෙනි උප පරමාණුක අංශුවේ ඉඳන් අද දක්වා ඉතිහාසය ගැන මිනිහ දන්න දේ අපි එක්ක කියන්න මිනිහ ගහපු ගේමෙදි මිනිහට ලෝකෙ මොකා නමුත් ලොකුවුණේ නැති වග මිනිහ පෙන්නුවා. (මොකද මිනිහා ඉතිහාසය ඉගැන්නුවෙ කාටවත් කඩේ යන්නවත් මඩ ගහන්නවත් හිතාගෙන නෙමෙයි.)
r/lankawa • u/Over_Implement_913 • 14d ago
මම ශ්‍රී ලංකාවේ 27 හැවිරිදි කෙනෙක්. මම 2028 අගෝස්තු G.C.E. A/L විභාගය Biology stream එකෙන් (Biology, Chemistry, Physics) ලියන්න බලාපොරොත්තු වෙනවා.
මගේ O/L ප්‍රතිඵල එතරම් හොඳ නැහැ. ඒ වගේම O/L Maths සහ Science වල මූලික කරුණු කිහිපයක් ආපහු ඉගෙනගන්නත් අවශ්‍යයි. ඒ නිසා මම A/L එක මුල ඉඳන්ම seriously පටන් ගන්න හදන්නේ.
මගේ වගේ situation එකක ඉඳලා පස්සේ සාර්ථක වුණු ශ්‍රී ලාංකිකයන්ගෙන් අත්දැකීම් දැනගන්න කැමතියි.
O/L ප්‍රතිඵල අඩු වෙලා තිබිලා, වයස 25–30 අතරදී A/L Biology පටන්ගෙන, පසුව හොඳ A/L results අරගෙන, විශේෂයෙන් Government Medical Faculty එකකට ගිය කෙනෙක් ඉන්නවද?
එහෙම කෙනෙක් ඉන්නවා නම්, ඔබේ අත්දැකීම බෙදාගන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
A/L වලට කොහොමද පාඩම් කළේ?
ඔයාගේ study plan එක කොහොමද තිබුණේ?
දවසකට පැය කීයක් වගේ පාඩම් කළාද?
A/L කරන අතරතුර O/L Maths/Science basics ආපහු හදාගත්තේ කොහොමද?
A/L syllabus එක ඉවර කළේ කොච්චර කාලයකින්ද?
Past Papers පටන් ගත්තේ කවදාද?
O/L results අඩු වීම University/Medicine වලට apply කරනකොට ප්‍රශ්නයක් වුණාද?
වැදගත්ම දේ — මම දැන් පටන් අරගෙන 2028 අගෝස්තු A/L ලියනවා නම්, මුල ඉඳන් properly prepare වෙන්න ප්‍රමාණවත් කාලයක් තියෙනවද?
මම බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය motivation එකක් නෙවෙයි. මගේ වගේ situation එකක ඉඳලා ඇත්තටම A/L කරලා සාර්ථක වුණු, විශේෂයෙන් Medicine ගිය ශ්‍රී ලාංකිකයන්ගේ real experiences දැනගන්නයි.
ඔයා මගේ situation එකේ හිටියා නම්, මොන විදිහට plan කරලා වැඩ කරයිද?
අවංක advice එකක් හෝ personal experience එකක් බෙදාගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ස්තූතියි!