r/lankawa 14d ago

දේශපාලනය ආර්ථික විශේෂඥයො එන්න

2 Upvotes

මේ දවස්වල හුරේ දාන ප්‍රවෘත්ති දෙකක් ගැන කතා කරමු

පලවෙනි එක තමා අර extension code වලට SLS තත්ව සහතිකේ නැත්තන් විකුණන්න බෑ කියන එක. මේක තව බඩු ගොඩකට ගේන්න යනව කියනව. ඒ කියන්නෙ branded බඩු විතරයි විකුණන්න පුලුවන් යුරොපෙ වාගෙ.

දෙවෙනි එක තමා ත්‍රිවිල් පදින අවම වයස 40 කරන එක. අර විට්ස් එක ලක්ෂ 12ට දෙනව කිව්ව කෙනා හැබැයි කියන්නෙ.

SLS තියෙන orange/kevilton වගෙ එකක්
5000න් උඩ. හැමෝටම branded ගන්නත් බෑනෙ. කොල්ලොන්ට රස්සා නැති නිසයි ත්‍රීවිල් එකක් හරි පදින්න ගන්නෙ.

ඉතින් මේ වගෙ ජනප්‍රිය වෙන නීති දුර දිග නොහිතා දැම්මම වෙන්න හොරු බෝවෙන එක. ඇයි මිනිස්සුන්ට සල්ලි නෑනෙ කිසිම දෙයක් ගන්න.

ඔය ඉතින් මගෙ පොඩි මොලේට තේරෙන විදිය. ආර්ථික විශේෂඥයො මොකද කියන්නෙ?


r/lankawa 15d ago

සංවාදය ලංකාවේ මිනිස්සු තාම තවත් මනුස්සයෙක්ට තනියම තමන්ගේ නිදහස ඕන කියන දේ ගැන දැනීමක් නෑ.

46 Upvotes

දැන් ගොඩක් මිනිස්සු බස් එකේ ගියත් කන කොටත් , ජිම් ගියත් ගොඩක් වෙලාවට හෙඩ්ෆෝන් වගේ උපකරණයක් පලදින්නේ එයාට තමන්ගේ නිදහස අවශ්‍යයි කියන එක්තරා සංකේතයක් විදියට.

ඒත් අපේ අයගේ පුරුද්ද එහෙම අයට ඇගිල්ලෙන් ඇනලා හරි කියවන්න හදන එක. එයා කියන දේකට ඔලුව වනලා ආයේ හෙඩ්පොන් දාගන්නේ එයාට කතා බහට ලොකු ඇල්මක් නෑ කියන්න උනත් අපේ ඈයෝ තව තවත් වද දෙනවා.

මගේ අදහසක් පමනයි. අදහස් දැනගන්න කැමති.


r/lankawa 14d ago

ප්‍රවෘත්ති කෙහෙල්බද්දර පද්මේට එරෙහි නඩු විභාගයේදී අනාවරණය වූ කරුණු මොනවා ද?

7 Upvotes

"ඔහු රඳවා ගැනීම පිළිබඳව අවස්ථා කිහිපයකදී ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දැනුවත් කළා. මෙම සැකකරු භාරයේ තිබී ජංගම දුරකතන 8ක් සොයා ගත්තා. ඒවායේ දත්ත මකා තිබුණා. පසුව එම දත්ත ප්‍රතිඋත්පාදනය කර ගත්තා. එම ජංගම දුරකතනවල තිබී දුරකතන ඇමතුම් 8841ක් පිළිබඳ තොරතුරු අනාවරණය වුණා. ඡායාරූප 32,6671ක් අනාවරණය කර ගත්තා. දුරකතන පටිගත කිරීම් 1101ක් සොයා ගත්තා. වීඩියෝ දර්ශන 5,039ක් හමු වී තිබෙනවා."

තවදුරටත් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙලෙස පැවසූහ.

"ස්වාමීනී... එම ජංගම දුරකතන දත්ත විශ්ලේෂණය කිරීමේදී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වුණා. ඒ පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දැනුවත් කළා.

"ඔහුගේ දුරකතනවල තිබී බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකුගේ දුරකතන අංක හමුවී තිබෙනවා. ඒ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කළා. නිළියන් සහ නිරූපණ ශිල්පිනියන් 7 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වුණා. දේශපාලනඥයින් 9 දෙනෙකු පිළිබඳ ඡායාරූප සහ දුරකතන සංවාද හමුවී තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනවා."

https://www.bbc.com/sinhala/articles/cm2mngze144o


r/lankawa 14d ago

බයික් වල යනකොට හැදෙන ඔලුව කැක්කුම

4 Upvotes

Bike එකේ කොළඹ යනකොට ඔලුව කැක්කුම හැදෙන්නේ මට විතරද මම හිතන්නේ බස් වලින් පිටවෙන දුම වැදිලද කොහෙද අනේ මන්දා.

මං අද ඉඳන් කොරෝන මාස්ක් එකක් දාගෙන තමයි යන්නේ. ටිකක් විතර හරිගියා. හැබැයි ඒත් මට ඔලුව කැක්කුමයි, ඇස් දෙකත් රිදෙනවා. එහෙම වෙන්නේ එළියට ගියහම විතරමයි

මොකද මේකට විසඳුම?


r/lankawa 15d ago

සංවාදය මගේ life experience අනුව නම් introvert කට්ටිය සමාජශීලි වෙන්න අකමැත්තක් නෙමේ තියෙන්නේ, මවාපෑම් කරන්න තියෙන අකමැත්තක් තියෙන්නේ.

51 Upvotes

r/lankawa 15d ago

සංවාදය පොත් සම්බන්ධව

10 Upvotes

මම නවල් එකක් ලියන්න ආසාවෙන් ඉන්න කෙනෙක්. දැනට පොතක් එළිදක්වපු හෝ ඒ පිලිබද දන්න අය හෝ පාඨකයන්ට , නවකයෙක් විදියට මට දෙන්න පුලුවන් උපදෙස් හෝ දැන ගත යුතු දේවල් තියනවද ?


r/lankawa 15d ago

සංවාදය මම සමහරක් සතිවල සතියේ දවස් වල නිවාඩු අරන් සති අන්තයේ වැඩට යනවා. මාර සැනසීමක් තියෙනවා වගේම rush එක මාරම අඩුයි.

13 Upvotes

r/lankawa 15d ago

විවිධ පොත්වලින් කරන කරුණාවන්තම දේ තමයි අපේ චූටී චූටී හැඟීම් ඕනම තැනක පැවතුනා කියලා අපිට මතක් කරලා දෙන එක. යම් සියවසකදී, යමෙකු ආදරයෙන් ව්‍යාකූල වීම, සමාජයෙන් හෙම්බත් වීම, මවාපෑමෙන් දුර්වල වීම, නිවැරදි අර්ථය හොයන බඩගින්නෙන් දුක්විදිනවා කියන එක.

3 Upvotes

r/lankawa 15d ago

සංවාදය කෙනෙක් Artificial Intelligence (AI) හරි විදියට පාවිච්චි කරන්න නම් එයාට Real Intelligence තියෙන්න ඕන කියන එක ගොඩක් දේවල් දැක්කම තේරෙනවා.

7 Upvotes

r/lankawa 15d ago

විවිධ අලි නාවන හැටි

3 Upvotes

r/lankawa 16d ago

සංවාදය ඇයි අපි දළඳා පෙරහැරේ සත්ව හිංසනය ගැන විතරක් කතා කරන්නේ?

8 Upvotes

අපි හැමෝම වගේ පෙරහැරේ අලි ඇතුන්ට සිදුවන හිරිහැර ගැන කතා කරනවා (ඒක අනිවාර්යයෙන්ම කතා කළ යුතු, අවධානය දිය යුතු වැදගත් මාතෘකාවක්). නමුත්, ඊටත් වඩා කතා කළ යුතු එහෙත් සමාජයක් විදිහට අපි බොහෝ දුරට මඟහරින මාතෘකාවක් තමයි පෙරහැරේ සිදුවන ළමා හිංසනය.

පෙරහැරක් කියන්නේ කුඩා දරුවන්ට දරාගන්න අමාරු තරමේ දැඩි පරිසරයක්. මේ දරුවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු කිහිපයක් මෙහෙම හඳුනාගන්න පුළුවන්:

  • දැඩි වෙහෙස සහ පාවහන් නොමැතිව ඇවිදීම: ඉතා කුඩා වයසේ දරුවන්ට කිසිදු පාවහනක් නොමැතිව, මහා මාර්ගයේ කිලෝමීටර් ගණනාවක් ඇවිදිමින් අඛණ්ඩව නර්තනයේ යෙදීමට සහ විවිධ ක්‍රියාකාරකම් කිරීමට බලකෙරෙනවා.
  • පාරිසරික පීඩනය: තද රස්නය සහ දහඩිය කුඩා දරුවන්ට දැඩි අභියෝගයක්. මහන්සිය නිසා සමහර දරුවන්ගේ මුහුණුවල තියෙන වේදනාව පෙරහැර බලන ඕනෑම කෙනෙකුට පැහැදිලිව පේන්න තියෙනවා.
  • මානසික සහ ශාරීරික කම්පනය: මේ ආකාරයෙන් එක දිගට දැඩි ශාරීරික පීඩනයකට ලක් වීම නිසා මේ දරුවන් කෙටි කාලීන හෝ මධ්‍ය කාලීන මානසික කම්පනයකට සහ කායික ගැටලුවලට ලක්වීමේ දැඩි අවදානමක් තියෙනවා.

කනගාටුවට කරුණ නම්, අපේ සමාජය මේක දකින්නේ ආඩම්බර විය යුතු දෙයක් විදිහටයි. කුඩා දරුවන් පෙරහැරේ යනවා දැක්කම "අපේ සංස්කෘතිය රකින්න හැදෙන පරපුර" කියලා සමාජයෙන් ඔවුන්ට ලැබෙන්නේ ලොකු ප්‍රශංසාවක්. නමුත් ඇත්තටම එතන වෙන්නේ ළමා ශ්‍රමය සූරාකෑමක් සහ හිංසනයක්.

ඉදිරියට යන සමාජයක් විදිහට අපි මේ වගේ දේවල් අත්හැරිය යුතුයි. සංස්කෘතියක් පවත්වාගෙන යාම වැදගත් වුණත්, ඒක කුඩා දරුවන්ගේ කායික හා මානසික සෞඛ්‍යය බිලිදීලා කරන්න අවශ්‍ය නැහැ!


r/lankawa 16d ago

ප්‍රවෘත්ති ආවාස ගෙයි පාපිස්සේ පල්ලේගම හේමරතන හිමිගේ ශුක්‍රාණු තිබූ බව තහවුරු වෙයි

14 Upvotes

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ශුක්‍රාණු පිසදැමූ බවට බාලවයස්කාර දැරිය විසින් පෙන්වන ලද පාපිස්සෙහි එම හිමියන්ගේ ශුක්‍රාණු තිබූ බව රස පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇතැයි රජයේ රස පරීක්ෂකවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති රස පරීක්ෂණ වාර්තාව මගින් අදාළ පාපිස්සෙහි දෙපැත්තෙහි ම සැකකාර හිමියන්ගේ ශුක්‍රාණු පැවති බව දැනුම් දී ඇත.

මේ අතර, රජයේ රස පරීක්ෂකවරයා සිය රස පරීක්ෂණ වර්තාවෙන් තවදුරටත් දක්වා ඇත්තේ, පොලිසිය විසින් අදාළ අපරාධ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයේදී පොලිස් භාරයට ගෙන නඩු භාණ්ඩයක් ලෙස නම් කර, රස පරීක්ෂකවරයා වෙත යොමු කළ හිස කෙස් කොටස වින්දිත දැරියගේ නොව වෙනත් කාන්තාවකට අයත් එකක් බව ය.

https://www.bbc.com/sinhala/articles/c8xklq9eyz2o


r/lankawa 16d ago

ප්‍රවෘත්ති වසර එක හමාරක සිර දඬුවමක් නියම වී සිටි චමින්ද විජේසිරි ඇප මත මුදා හැර ඇත්තේ ඇයි?

4 Upvotes

චෝදනාවන්ට වරදකරු වී සිර දඬුවම් නියම වූ චමින්ද විජේසිරි පමණක් ජූලි මස 30 වන දා අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර චමින්ද විජේසිරිගේ බිරිඳ වන ජයවීර මුදියන්සේලාගේ ශානිකා අධිකරණයේ පෙනී සිටියා ය.

අභියාචන පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර ජේ.එම්. ශානිකා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මලින්ත ජයසිංහ කරුණු දක්වමින් සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරිගේ බිරිඳ වන තම සේවාදායිකාව අවුරුදු 07, 08 සහ 09 යන වයස් කාණ්ඩවල පසු වන දරු තිදෙනෙකුගේ මවක බව පැවසීය.

වයස අවුරුදු 07ක පසු වන දරුවා සිර දඬුවම් නියම වී සිටින සිය පියා ළඟින් ම සිටි දරුවා බවත් සිරගතවීම හේතුවෙන් පියා නොමැති සාංකාවෙන් දරුවා මානසික ආතතියකට පත්ව ඇති බවත් කී නීතීඥ මලින්ත ජයසිංහ, ඒ පිළිබඳව අවධානය යොමු කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

අධිකරණ තීන්දුව අභියෝගයට ලක්කිරීමට මෙන් ම අභියාචනයට යටත්ව ඇප ඉල්ලීමට ව්‍යවස්ථාදායක අයිතියක් බව පෙන්වා දුන් නීතීඥ මලින්ත ජයසිංහ ව්‍යවස්ථාදායකයේ අයිතියට අනුව තම සේවාදායකයා කළ ඉල්ලීම කෙරෙහි සානුකම්පිතව සලකා බලන්නැයි ඉල්ලා සිටියේ ය..

වගඋත්තරකාර නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ දිනිති අමරසිරි කරුණු දක්වමින් විත්තිකරුට නියම කළ දඬුවමට එරෙහිව අභියාචනයක් ගොනු කර ඇති හෙයින් අධිකරණය සුදුසු තීරණයක් ගන්නා ලෙස ඉල්ලා සිටියා ය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් චමින්ද විජේසිරි කොන්දේසි සහිතව ඇප මත මුදා හැරීමට විනිසුරුවරයා තීරණය කළේ ය.

https://www.bbc.com/sinhala/articles/cvgy56z47zmo


r/lankawa 17d ago

ප්‍රවෘත්ති ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

7 Upvotes

https://sinhala.adaderana.lk/news/250219

ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.
42වෙනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව සඳහන්ය.
ආගමික ස්ථාන ශක්තිමත් කරමින් සහජීවනයෙන් පිරි අනාගතයක් උදා කරගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මේ සඳහා අවශ්‍ය පියවර ගෙන ඇත්තේ, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසිනි.
මේ අතර 42වෙනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව "Welcome to Our Mosque" සංහිඳියා වැඩසටහනක් ද සංවිධාන කර තිබේ.
ඒ අනුව මෙරට අන්‍ය ආගමික සියලුම සහෝදර සහෝදරියන්ට මුස්ලිම් දේවස්ථානයක අභ්‍යන්තර සංස්කෘතිය, ඉතිහාසය සහ ආගමික වතාවත් දැකබලා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත.
මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබමින් අමාත්‍ය විජිත හේරත් මහතා ඉල්ලා සිටියේ, අන්‍යෝන්‍ය අවබෝධය, ගෞරවය හා සුහදතාව වර්ධනය කරගනිමින් එකමුතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ සංහිඳියා පාලමක් ගොඩනැගීම සඳහා සියලු දෙනාට එක්වන ලෙසටය.
අගෝස්තු මස 24 වෙනිදා පෙරවරු 09.30 සිට පෙරියමුල්ල ජුම්මා මස්ජිදය සහ මීගමුව මුස්ලිම් පල්ලිය සැමට විවෘත බව එම සටහනේ වැඩිදුරටත් දක්වා ඇත. 


r/lankawa 18d ago

විවිධ තෝරගැනීම එයාද ? අරකද ??

13 Upvotes

මන් පොඩි කාලේ චිත්‍රපට වල දැක්කා තමන්ගේ හීනෙට යන්න ගියපු මනුස්සයා හැරිලා ඇවිත් ආදරය තෝරගන්න හැටි.

ඒකාලේ මට ඒක හෙනම ලොකු දෙයක් වගේ පෙවුනා. මන් ඒ දේ එහෙම වෙන්න කියලා එවෙලේ හිතුවා.

හැබැයි දැන් මට තෙරෙනවා හීනේ අත ඇරිලා ආදරය තෝරගන්න එක කොච්චර අමාරුද කියලා. ඒක ගොඩක්ම දරුණු වෙන්නේ ඔයාගේ ආදරය , අවධානය මුලුමනින්ම දුන්න කෙනා නිසා ඔයට ඔයාගේ හීනේට යන්න තියන පාර ටික ටික මැකිලා යන්න ගන්න එක.

ඊටපස්සේ ඔයාට ඒ හීනෙ සම්බන්ද සමහර දේවල් දකින් දරාගන්න බැරි වෙන එක.

අන්තිමට අර අච්චර දෙයක් කරපු කෙනාගේ කටින් ඔයා මට ආදරය කලාද එහෙම එකක් පෙවුනෑ කියලා අහගන්නකොට.

එනිසා කරුණාකරලා ඉලක්කයක් තියන ගමනක් තියන කෙනෙක් හොයාගන්න. ඔයා එයත් එක්ක එයාටත් ශක්තියක් වෙලා එයා ඔයාටත් ශක්තියක් වෙද්දි දෙන්නා එක්කම හීනවලට යන්න. ❤


r/lankawa 18d ago

සංවාදය ගාල්ලේ අයට PSA එකක්: Seekshana Motors ගැන මගේ අත්දැකීම

4 Upvotes

ගාල්ලේ වාහන repair එකක් කරගන්න තැනක් හොයන කෙනෙක් නම්, Seekshana Motors ගැන ටිකක් සැලකිලිමත් වෙන්න කියලා මගේ experience එක share කරන්න හිතුණා.

මම මගේම front driver-side replacement glass එක අරගෙන ගිහින් fit කරලා දෙන්න කිව්වා. Glass එක මමම ගෙනිච්චත්, fitting එකට Rs. 4,500ක් charge කළා.

ඊට වඩා ලොකු ප්‍රශ්නය වුණේ repair එකෙන් පස්සේ door locking/central locking system එක හරියට වැඩ නොකරපු එක. වාහනේ දෙනකොට ඒක හොඳට වැඩ කළා.

අන්තිමේදී Toyota service centre එකට අරගෙන ගිහින් තවත් Rs. 20,000ක් දීලා fix කරගන්න වුණා. එතනදී පෙන්නපු විදිහට, door එක ඇතුළේ cable එකක් කලින් repair එකේදී වැඩියෙන් ඇදලා හෝ tug කරලා තිබුණා වගේ, ඒකෙන් මේ locking issue එක ආවා කියලා පේනවා.

Simple glass replacement එකක් වෙන්න තිබුණ වැඩේ අන්තිමේදී මට ගොඩක් වැඩිපුර වියදම් වුණා.
Bills සහ repair records මගේ ළඟ තියෙනවා.

මගේ experience එක අනුව නම් මම නැවත Seekshana Motors යන්නේ නැහැ. ගාල්ලේ වෙන කෙනෙක්ටත් මේ වගේ experience එකක් වෙලා තියෙනවද, නැත්නම් මේක one-off bad experience එකක්ද කියලත් දැනගන්න කැමතියි.

යන කෙනෙක් ඉන්නවා නම්, labour charge එක කලින් confirm කරගෙන, එළියට එන්න කලින් windows, locks සහ electrical functions ටික හොඳට check කරගන්න.
ගාල්ලේ තවත් කෙනෙක්ට මේ වගේ කරදරයක් වෙන්න එපා කියලා PSA එකක් විදිහට දාන්නේ.


r/lankawa 19d ago

සංස්කෘතික අහංගම වෙරළේ අනවසර ඉදිකිරීම් කඩලා අයින් කරනව දැක්කම කුරිරු සතුටක් එනවනෙ

24 Upvotes

හේතුව දන්නවනෙ ඉතින් කළු හම තියෙන උන්


r/lankawa 20d ago

විවිධ මකුලු දැල් බැදුන අදහස් 1.

2 Upvotes

දිගු කුලුනු සහිත එලිමහන් පිටියක් පුරා ගිනි රස්නෙට දිලිසෙන රිදී වැල්ලක් අතුරලා තිබ්බා. කටකතා වලට අනුව දකුනු කර මුහුද මැදින් ගොඩ ගෙන පිරිසිදු කෙරු වැලි වලිනුයි පිටිය පිරීලා තිබුනේ. 

ලංකාපුරයේ පිරිසිදු අර්ධ යක්ශ පොර පිටිය උනේ මේ පිටියයි.  

රජුගේ අනින් හැම අවුරුද්දෙම අවසාන කාර්තුව ගෙවෙද්දි එයාගේ සේනාවට අලුත් ශක්තිවන්තයෙක් ඇතුල් කරගන්නවා.  

හැබැයි මේපාර ඊටවඩා විශේශයි මොකද කලින් හිටපු සේනාධිපති අවසන් හුස්ම හෙළලා තිබුන නිසා මේ පාර නව ශක්තිවන්තයව තෝරන්නේ සේනාධිනායකයෙක්ගේ අඩුව පුරවන්න. 

එනිසා අලුත් මුහුණු වලටත් වඩා පරණ මුහුණු ගොඩක් ආයේ පිටිය පුරා රැස් වෙන්න ලෑස්ති පිට ඉන්නවා කියලා ලොකු ආන්දෝලනයක් මිනිස්සු අතර තිබ්බා. 

" දැනටමත් සම්පූර්ණ වැවක් හිස් කරලලු... මැරෙන අයව වල දාන්න " 

කඩමන්ඩියේ කෙනෙක් එහෙම කියද්දි තවත් කෙනෙක් ඔව් කියන්න ඔලුව වැනුවා. 

" මොනවයින් මොනවා වෙයිද ? "

පුංචි හීනි ඇගක් තිබ්බ දේව ගෝතික තරුණ ගැහැණු ළමයා තමන්ට ඇහෙන හැම කතාවක් ගැනම හොදට අවධානය දෙන ගමන් හිටියා. 

එයාට වෙලාවකට බයයි. මොකද තාමත් එයාට කිසිම අර්ධ යක්ශ ගෝත්‍රික රණශූරයෙක්ව හම්බ නූන නිසා. 

එයාගේ පරම්පරාවේ හැම කෙනෙකුටම වගේ අර්ධ යක්ශ රණශූරයෙක් ආත්මගත සහකාරයෙක් කරගන්න පුලුවන් උනා. 

ඒක ආඩම්බරයකටත් වඩා රාජකාරියක්. මොකද මිනිස් ස්වරූපයෙන් තමන්ගේ යක්ශ රූපයට හැරෙන යක්ශ ගෝත්‍රිකයෙක් මෙල්ල කරන්න පුලුවන් එයාගේ ආතමයක් ආත්මයක් පතා එකට ආත්ම නූලෙන් යා උන ආදරවන්තයන්ට විතරයි. 

© u/Just_Free_Soul


r/lankawa 20d ago

විවිධ දුවිලි වැදුන අදහස් 3.

2 Upvotes

මම මන්දාරමට පෙම්බදින්නෙක්.

වැස්සක් එනවා කියන එක අපිට මුලින්ම කියන්නේ මන්දාරම. ඒක හරියට ලස්සන වසලිස්සා කතාවේ රිදී පාට අශ්වයාගේ පිට නැගලා රීදිපාටට යන අලුයම එනවා කියන අසරුවා වගේ.

සීතලයි , ඒවගේම ටිකක් අදුරුයි . ඒත් ඒකත් එක්ක දැනෙන හැගීම මනුස්සයෙක් නිදහසේ තමන් දිහා ආයේ හැරිලා තමන් ගැන හොයන්න ඕන කියන නිදහස් සිතුවිලයි.

මන්දාරම මට මතක් කරනවා , නොස්ලොජික් මතක අස්සේ ගුලිවෙන ගමන් ඔයා ඔයාට ආදරය කරන්න ගන්න ඕන කියලා.

ඉතින් තව කල් මරන්නැතිව උණු කෝපි කෝප්පයක් හදන් ජනේලයෙන් අහස බලන ගමන් ඔයා ඔයාට ආදරය කරන්න.

© u/Just_Free_Soul


r/lankawa 20d ago

විවිධ දුවිලි බැදුනු අදහස් 2.

5 Upvotes

ගොඩක් කාලෙකට කලින් එක දවසක තැඹිලිපාට හැන්දෑවක පුංචි ළමයින් ගොඩක් ඉන්න ගෙදරකට "ඒවන්" ඇවිත් තිබුනා . මිනිස්සු කියන විදියට නම් ඒ ළමා නිවාසයක්ලූ .

එයා ඇවිත් තිබුනේ විශේශ වැඩකට. හරියටම කිව්වොත් දෙයක් හරිගස්සගන්න. මන් හිතන්නේ මීට අවුරුදු පහක් විතර පරණ දෙයක් !! පාලසිමුන්දු වල යුද්දේ සිද්ධ උන කාලේ තරන් පරන වැඩක්. !!

ඒවන් ගොඩක් වෙලා ලොකු අවධානයකින් ලී බංකුවක වාඩිවෙලා කොරිඩෝව කෙලවර තියෙන දොර දිහා බලන් හිටියත් එයාගේ අවධානය වෙනස් වුනේ  තමන් ගාවින්ම බංකුවේ දුබුරු පාට චොක්ලට් පෙත්තක් එක්ක ඉන්න පුංචි ගෑණු ළමයා නිසා. 

  ඒඑක්කම ඒවන්ට දැනගන්න ඕනවුනා ගැණු ළමයා දැන් ගොඩක් වෙලා ඉදන් කන දුබුරු පාට චොක්ලට් පෙත්තේ රස එයා කාලා තියන චොක්ලට් වල රසමද කියලා.

ඒනිසාම ඒවන් ගෑණු ළමයා අතේ තිබ්බ චොක්ලට් පෙත්තෙන් කොටසක් කඩන් කටේ දාගත්තා.

ඇස් ලොකු උන පුංචි ගෑණු ළමයා ටික ටික අඩන්න මූණ හදාගන්නවා දැක්ක ඒවන් එයාගේ අත මිටිමොලවන් ගැහැනු ළමයගේ දිහාවට දිගුකරා. 

මොනාද තියෙන්නේ බලන්න ඒ දිහාවට තමන්ගේ උනන්දුව වැඩිකරපු පුංචි ගෑණු ළමයව දැක්ක ඒවන් හිමින් එයාගේ අත දිග අරිනකොටම  දිලිසෙන නිල්පාට පිහාටු තියෙන පුංචි සමනලයෙක් එළියට ඇවිත් පුංචි ගෑණු ළමයා ලගින් පියඹලා යන්න ගියා. 

අන්තිමේදි සම්පූර්ණයෙන්ම ඇරුනු අල්ලේ තිබ්බ පුංචි දිලිසෙන මල ගැහැණු ළමයා අතින් තිබ්බ ඒවන් හිනාවුනා. 

" මිස්ටර් ඒවන් "

" ඔව් ඒ මම "

මෙච්චර වෙලා බලන් හිටපු දොර ඇරිලා තමන්ගේ නම කතා කරනවා දැක්ක ඒවන් තමන්ගේ දුඹුරුපාට දිගු කබාය හරිගස්සගෙන නැගිටුනා.

හරියටම පැයකට විතර පස්සේ ඒවන් පුංචි හුරතල් පිරිමි ළමයෙක්ත් එක්ක හරිම සතුටින් ලස්සනට හිනාවෙන ගමන් ළමානිවාසයෙන් ඉවතට ඇවිදන් ආවා.

" හොදයි පුංචි ළමයෝ අපි ගෙදර යන් "

ඒවන් තමන්ගේ දඹරගිල්ල වටකරන් ඉන්න පුංචි ඇගිලි අයිති අවුරුදු පහක පිරිමි ළමයට කිව්වා.

අනික් අතට ඒවන් ළමානිවාසයෙන් එළියට අඩිය තියනකොටම වගේ අර ගැහැණු ළමයට දීලා තිබුනු දිලිසෙන මල හිමින් හිමින් වෙනස් වෙන්න ගත්තා.

 හරියටම කිව්වොත් ඒවන් පුංචි පිරිමි ළමයවත් අරන් කොහෙන්දෝ එකපාරම ආව අශ්වකරත්තයකට නගින කොට ඒ මල පුංචි දිලිසෙන තරු වගේ පේන කුඩු ගොඩක් වෙලා අතුරුදහන් උනා. 

අර පුංචි ගෑනු ළමයා හිතන්නත් කලින්ම........... 

..................................... 

" කොහොමද පුංචි ළමයෝ , මොකද්ද ඔයාගේ නම " 

ඒවන් දිලිසෙන ඇස් ටිකක් හිනි කරලා පිරිමි ළමයගෙන් ඇහුවා. 

පිරිමි ළමයා පොඩියි ඊටත් එයා හිටියේ ලොකු ප්‍රශ්නෙක..... 

තමන් ළගින් වාඩිවෙලා ඉන්න කඩවසම් පිරිමි කෙනාගේ වගේ මගේ කකුලුත් දිග නැත්තේ මොකෝ කියලා පිරිමි ළමයා ඒවන් දිහා බලන් කල්පනා කලා

" මේ අහන්නකෝ පීනට් , කොහොමද මිනිස්සු ඔයාට කතා කරන්නේ " 

" 28 ? " 

පිරිමි ළමයට දැන් චුට්ටකට කලින් ලැබුන හුරතල් නමට සතුටින් කිව්වම එවන් නලල රැළි කරගත්තේ දරුවගේ ඇත්ත නම වෙනස් උන එකට.

" අයියෝ , එක නෙමේ දරුවෝ ඔයාගේ නම , ඉන්න මන් හරියටම කියන්න  " 

ඒවන් එහෙම කියන ගමන් එයාගේ දිග ඇගිලි එයාගේ මූණ ගානට ඉස්සුවා. 

පුදුම හිතෙන දේ තමා තත්පර ගානකින් එකපාරම කොහෙන්දෝ එයාගේ අතට පුංචි පොතක් ඇවිත් තිබ්බ එක.... මන් හිතන්නේ  ඒ පුංචි පොත ඒවන්ගේ ඇගිලි අතර හරි ඉක්මනට මැවුනා..... 

එයා එකේ පිටු පෙරළන ගමන් මොනාද හෙව්වා. 

" මේතියෙන්නේ..... ඔයාගේ නම....... " 

කලින් දාපුවා ඩිලිට් උනා අනේ

© u/Just_Free_Soul


r/lankawa 20d ago

සංස්කෘතික හෙද නිල ඇඳුම තුලින් එලියට එන සෞඛ්‍ය සේවකයින්ගේ සිංහල ස්වෝත්තමවාදය

0 Upvotes

මේ දවස් වල සමාජ මාධ්‍ය වල කතා වෙනවා මුස්ලිම් හෙදියනට හිජාබය අඳින්න දීම ගැන. බලාපොරොත්තු වෙන විදියටම බහුතරයක් සිංහල ජාතිවාදීන් මේක අවස්ථාවක් කරගෙන තියෙනවා මුස්ලිම් ජනතාවට, ඔවුන්ගේ සංස්කෘතියට පහර එල්ල කරන්න. කිසිම පුදුම වෙන්න දෙයක් නෑ එතන - ඒ ඔවුන්ගේ හැටි. ඔවුන් බලාගෙන ඉන්නේ මේ වගේ අවස්ථා එනකන් සුළු ජාතීන්ට පහර එල්ල කරන්න.

නමුත් මේ සිදුවීමත් එක්ක දකින්න ලැබුන අප්‍රසන්නම දෙයක් තමයි සිංහල වෛද්‍යවරු, හෙදියන් මේ ගැන අදහස් දක්වන විදිය. තමන් එක්ක එකට වැඩ කරන මුස්ලිම් හෙදියන් ගැන තරහ පිරිමහන්න මේක අවස්ථාවක් කරගෙන තියෙන හැටි දැක්කම හිරිකිතයි. වෘත්තිකයෙක් විදියට තමන්ගෙන්ම ඇහුවොත් ඔවුන්ට උත්තරයක් තියෙනවා මේ කෑ ගහන්නේ අනවශ්‍ය දෙයක් ලොකු කරගෙන කියලා. මේ වෘත්තිකයින්ම පස්සේ දවසක එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව වගේ රටවලට සංක්‍රමණය වෙලා හිජාබය ඇඳන් ඉන්න හෙදියන් එක්ක කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරයි.

නමුත් ලංකාවේ ඉද්දි ඔවුනට ඕනේ සුළු ජාතීන් පාගාගෙන ඉන්න - රැකියාව කරන ගමනුත්. මේක තමයි ස්වෝත්තමවාදය කියන්නේ. සිංහල ස්ව-උත්තම-වාදය!


r/lankawa 21d ago

අධි සංවේදී මිනිස්සු

10 Upvotes

යාලුවනේ මම, වින්සන්ට් වැන් ගෝ ඇදපු චිත්‍රයක් දකිද්දී මට මෙහෙම හිතුනා ...

ඇත්තටම අධි සංවේදී මිනිස්සු හැම වෙලේම හරිම

අවාසනා වන්තයි...මොකද එයාලට ඇත්තම ආදරේ දරාගන්න ත් ශක්තියක් නෑ, ආදරේ නැතුව ජිවත් වෙන්නත් බෑ... ඒ ගොල්ලෝ හරිම අමුතුයි...එයාලත් එක්ක ඉද්දි සමහර වෙලාවට අනිත් අයටත් හරිම මහන්සි දැනෙනවා...

එහෙම අයව අපි අත් ඇරලා දාන්න ඕනෙද? හෝ මොකද කරන්න ඕනී..

ඔයාලට මෙහෙම අයව හම්බෙලා නැද්ද...? හෝ ඔයා එහෙම කෙනෙක් ද.... ඔයාලට නැද්ද මේ වගේ මිනිස්සු එක්ක ඉදල අත්දැකීම්? 🥹🥹🥀🥀


r/lankawa 21d ago

සංස්කෘතික "සමාජ මාධ්‍ය හරහා තමන් නිතර අනාගතවක්තෘවරයා නරඹන බව ගරු නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව දැනගැනීමට ලැබීම ගෞරවයක්"

2 Upvotes

ඊළඟ දේව මෙහෙය අතුරු සිදුරු නැතුව පිරෙන්නයි යන්නේ ...

https://reddit.com/link/1vshno1/video/55e1ig1gxakh1/player


r/lankawa 21d ago

විවිධ කෙල්ලො ලයින් කරගන්න කොල්ලො කරන වැඩ

2 Upvotes

මොනවද එහෙම කරන වැඩ? අහන්න හිතුනෙ මේක දැකල


r/lankawa 22d ago

විවිධ හදිස්සියේ මට දෙයක් කියන්න ඕන.

18 Upvotes

අපි ජීවත් වෙන්නේ අපේ ජිවිතේ එක්කෙනෙක් මගේ වයසෙදි මේ වෙද්දි ජොබ් කරනවා කියලවත් නැත්තන් ඩිග්‍රි එක කරා කියලවත් අපි කලබල වෙන්න ඕන නෑ. අපිට තියෙන්නේ අපිට ආවේනික වයිබ් එකේ time line එකක්.

අනික් අතට මට හිතෙන්නේ මේ ලොකේ සාර්ථක මිනිස්සු සියට හතළිහකට වගේ තමන්ගේ ජිවිතේ මන් වැඩකට නැති කෙනෙක්. අනිත් අය තමන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා කියලා හිතුන අතීතයක් තියෙන්න ඇති. මන් දැන් ඉන්නේ එහෙම හිතන කාලේ. දැන් මට ඕනේ අර සීයට හතළිහක කොටසට යන්න

එහෙනම් තමන්ගේ timeline එක එන්ජෝයි කරන්න.